පකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නම් කෙරෙයි

Image copyright AFP
Image caption විශේෂත්වය වන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ගේ නම මෙවර කණ්ඩායමට ඇතුලත් වී නොතිබීමයි.

මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේ දී ඇරඹීමට නියමිත ටෙස්ට් ක්‍රිකට තරඟාවලිය සඳහා තෝරා ගත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

එසේ තෝරා ගන්නා ලද පකිස්තාන ක්‍රීඩකයන් වන්නේ මිස්බා උල් හක් (නායක), අසාර් අලි (උප නායක), මොහම්මඩ් හෆීස්, අශ්මෙඩ් ශේශාඩ්, ශාන් මසූඩ්, යුනිස් ඛාන්, අසාද් ශෆික්, හැරිස් සොහයිල්, සර්ෆ්රස් අහ්මෙඩ් (කඩුලු රකින්නා), යසීර් ෂාහ්, සුල්ෆිකාර් බාබාර්, වහබ් රියාස්, ජුනේයිඩ් ඛාන්, ඉම්රාන් ඛාන් සහ එශාන් අදිල් යන අයයි.

විශේෂත්වය වන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ගේ නම මෙවර කණ්ඩායමට ඇතුලත් වී නොතිබීමයි.

තරඟ තහනම අවසන් වීමෙන් පසු නැවත ක්‍රීඩා පිටියට පැමිණි අජ්මාල් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ වඩාත් අවධානය යොමුකරමින් සිටී.

මේ අනුව යසීර් ෂා කණ්ඩායම තුළ සිටින එකම මඳ වේග පන්දු යවන්නා වනු ඇත.තුන් ඉරියව්වේම දස්කම් දක්වන මොහම්මඩ් හෆීස් දඟ පන්දු යැවීම පිණිස යොදා ගනු ඇති බවයි වාර්තාවන්නේ.

ආබාධයන්ට ලක්වී සිටින රහට් අලි සහ සොහයිල් ඛාන් තවමත් සුවය ලබමින් පසුවන බැවින් වේග පන්දු යවන ඉම්රාන් ඛාන් සහ එෂාන් අදිල් කණ්ඩායමට නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර