චීනයේ යන්ග්සි ගංගාවේ අනතුරින් 400 ක් මරුට

Image copyright Reuters
Image caption මෑත කාලයේ චීනයේ සිදුවූ දරුණුතම නාවික ව්‍යසනය මෙය බවටයි සැලකෙන්නේ.

සඳුදා චීනයේ යන්ග්සි (Yangtze) ගංගාවේ දී මගී යාත්‍රාවක් පෙරලීමේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හාරසියයට ආසන්න වී ඇති බව චීන රජයේ ප්‍රකාශකයෙක් පවසයි.

ආපදා සේවා නිලධාරීන් හට ඊස්ටර්න් ස්ටාර් නමැති යාත්‍රාවේ මගී කුටි පරීක්ෂා කිරීමට හැකියාව ලැබීමත් සමග මියගිය සංඛ්‍යාව අදහාගත නොහැකි ලෙස ඉහළ ගිය බවයි වාර්තා වන්නේ.

අතිවිශාල දොඹකර ආධාරයෙන් යාත්‍රාව ජලයෙන් ගොඩට ගෙන ඇති අතර මෙම අනතුරේ දී මගී පිරිස හා කාර්ය මණ්ඩලය ඇතුළුව යාත්‍රාවේ සිටි 456 දෙනෙකුගෙන් යුත් පිරිස ගෙන් දිවි ගලවාගෙන ඇත්තේ 14 දෙනෙකු පමණි.

පසුගිය වසර හැටක කාලය තුල චීනයේ සිදුවූ දරුණුතම නාවික ව්‍යසනය මෙය බවටයි සැලකෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර