ජා.මූ.අරමුදලේ හිටපු ප්‍රධානියා ගණිකා චෝදනාවෙන් නිදහස්

Image copyright Reuters

විනෝද සාද සඳහා ගණිකාවන් සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රෝස් කාන් (Dominique Strauss-Kahn) එම චෝදනාවලට වරදකරු නොවන බව ප්‍රංශයේ උසාවියක් විසින් තීන්දු කරනු ලැබ ඇත.

ප්‍රංශයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංවිධානය කෙරුණ විනෝදකාමීන්ගේ සාද සඳහා ගණිකාවන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඩොමිනික් ස්ට්‍රෝස් කාන් සහ තවත් දහ දෙනකු චෝදනා ලැබ සිටි අතර ‘ලිල්’ (Lille) නගරයේ උසාවි තීන්දුව වුනේ චූදිතයන් ඔවුන්ට එරෙහි චෝදනා වලට වරදකරුවන් නොවන බවයි.

Image copyright AFP
Image caption ඩොමිනික් ස්ට්‍රෝස් කාන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවක් තෙළිතුඩින්.

එම සාද වලට කැඳවනු ලැබුණ කාන්තාවන් ලිංගික කර්මාන්තයේ නිරත වූවන් වූ බව තමා නොදැන සිටි බවයි ඩොමිනික් ස්ට්‍රෝස් කාන් දිගින් දිගටම කියා සිටියේ.

පැරිස් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ, ඩොමිනික් ස්ට්‍රෝස් කාන් අධිකරණයෙන් නිදහස ලද නමුත් මෙම නඩුකරය හේතුවෙන් ඔහුගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වූ බව බොහෝ දෙනාගේ අදහස වන බවයි.