නම දෙනෙක් මරා දැමීම ගැන සැක කෙරෙන ඇමරිකානුවා උසාවියට

dylan_roof Image copyright bbc

ඇමරිකාවේ දකුණු කැරොලිනාවේ අප්‍රිකානු සම්භවයක් ඇති පිරිසක් සහ ඇමරිකානුවන් එකට එක්ව දේව මෙහයකට සහභාගී වෙමින් සිටියදී ඔවුන් ගෙන් නම දෙනෙක් වෙඩි තබා මරා දැමීම පිළිබඳව සැක පිට අත්අඩංගුවට ගෙන ඇති ඩයිලන් රුෆ් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විසි එක් හැවිරිදි සැකකරු වීඩියෝ කැමරාවක් මාර්ගයෙන් උසාවියට කතා කිරීමට නියමිත අතර ඔහු අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට කිලෝ මීටර් තුන්සීයක් පමණ දුර පිහිටි චාර්ල්ස්ටන් ප්‍රදේශය සිට උසාවියට ගුවන් මගින් ගෙනැවිත් ඇත.

වෛරී අරමුණකින් මෙම මරණ සිදු කළ බව පොලිසීය සලකන අතර මෙම සැකකරු සුදු ජාතීන් ගේ ආධිපත්‍ය පිළිබඳ හැඟීමකින් යුතුව කටයුතු කළ බව ඔහු භාවිතා කළ සමාජ මාධ්‍ය වලින් හෙළිදරව් වී තිබේ.

මරා දැමු කාන්තාවන් හය දෙනා සහ පිරිමි තුන් දෙනා වෙනුවෙන් චාර්ල්ස්ටන් ප්‍රදේශයේ වෙනත් ස්ථාන ගණනාවක දේව මෙහෙයෙන් පැවැත්වේ.