මහම්මත් තුමන් පිලිබඳ කාටූන් නෙදර්ලන්ත රුපවාහිනියේ

Image copyright afp
Image caption ඇමරිකාවේ දී මෙම කාටූන් ප්‍රදර්ශනය කළ අවස්ථවට ගීට් විල්ඩර්ස් (Geert Wilders) ද සහභාගී වූ බවයි පැවසෙන්නේ

මහම්මත් තුමන් පිළිබඳව නිර්මාණය වී ඇති කාටූන් චිත්‍ර අද නෙදර්ලන්ත ජාතික රූපවාහිනිය තුලින් විකාශය කිරීමට කටයුතු කරන බව අති දක්ෂිණාංශික නෙදර්ලන්ත දේශපාලනඥයෙකු වන ගීට් විල්ඩර්ස් (Geert Wilders) පවසයි.

දේශපාලන පක්ෂ සඳහා වෙන් කොට ඇති ගුවන් කාලය උපයෝගී කර ගෙන මෙය සිදු කරන බවයි ඔහු පවසන්නේ.

මෙසේ විකාශය කරනු ලබන්නේ පසුගිය මාසයේ දී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී ප්‍රදර්ශනය කරන ලද කාටූන් වන අතර එහි දී තුවක්කු කරුවන් දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් ගේ වෙඩි පහරින් මියගිය බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදර්ශනයේ දේශකයකු ලෙස විල්ඩර්ස් සහභාගී වූ බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මුස්ලිම් ජනතාවගේ ශුද්ධවූ මාසය වන රාමදාන් කාලය තුළ මෙම රුපවාහිනී විකාශය සිදුවන අතර ලොවපුරා ඇති නෙදර්ලන්ත තානාපති කාර්යාල ඇතිවිය හැකි තත්වයන් පිලිබඳ සීරුවෙන් සිටින බවද වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර