ටියුනීසියාවේ වෙරළේ සංචාරකයන්ට වෙඩි ප්‍රහාරයක්

Image copyright Reuters

ටියුනීසියාවේ වෙරළබඩ සංචාරක නිකේතනයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තිස් හත් දෙනෙකු මිය ගොස් තිබේ.

සංචාරකයෙකු ලෙස වෙස් වලා ගත් පුද්ගලයෙකු හදිසියේම වෙරළේ හිරු රශ්මිය විඳිමින් සහ පිහිනමින් සිටි සංචාරකයන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Image copyright epa

මිය ගිය සංචාරකයන් අතර බ්‍රිතාන්‍ය සහ ජර්මානු ජාතිකයෝද සිටිති.

ආරක්ෂක හමුදාව විසින් එක් තුවක්කු කරුවෙකු මරා දමා ඇති බව මීට පෙර වාර්තා සඳහන් කර තිබුණු නමුත් ඔහු තනිවම මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න තවමත් පැහැදිලි නැත.

Image copyright BBC World Service

මාස කිහිපයක් ඇතුළත මෙවැනි ප්‍රහාරයන් දෙකක් සිදු වූ අතර එය ටියුනීසියාවේ සංචාරක කර්මාන්තයට තද බල පහරක් වී තිබේ.

මාර්තු මාසයේ දී ටියුනීසියාවේ කෞතුකාගාරයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් විසි දෙනෙකු පමණ මරණයට පත් විය.

Image copyright BBC World Service