ග්‍රීසියට අඳුරු හෝරාවක් -මුදල් ඇමති

Image copyright AFP

මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ග්‍රීසියට ලබා දෙන හදිසි ණය ප්‍රමාණය ඉහල දැමීම යුරෝපා මහ බැංකුව ප්‍රතික්‍ෂේප කර තිබේ.

පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ග්‍රීක රජය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

යුරෝපා මහ බැංකුව ගත් තීරණය විවේචනය කරන ග්‍රීක මුදල් ඇමති යානිස් වාරුෆාකිස් කියා සිටියේ මෙය ග්‍රීසියට අඳුරු හෝරාවක් බවයි.

Image copyright Reuters

මේ හේතුව නිසා ග්‍රීක බැංකුවලට මුදල් හිඟ වන අතර තම තැන්පතු ආපසු ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ට ලබා දීමට බැංකු වල මුදල් නොමැති විය හැකි බවයි වාර්තාකරුවන් පවසන්නේ.

ඔවුන් තවදුරටත් කියා සිටියේ හෙට දිනයේදී ග්‍රීසියේ ඇතැම් බැංකු විවෘත කළ හැකි වේද යන්න පවා සැක සහිත බවයි.

මේ වන විටත් ග්‍රීසියේ මුදල් ලබා ගන්නා ට්‍රේලර් යන්ත්‍ර අසල දිගු පෝලිම් දැක ගත හැකියි.

සාකච්ඡා වලින් ඉවත් වීමට ග්‍රීසිය ඒකපාර්ශ්වික ලෙස තීරණය කළ බවට යුරෝ කලාපයේ හවුල්කරුවෝ චෝදනා කරති.

Image copyright AFP

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර