සරණාගතයින් වෙනුවෙන් ආසියානු අරමුදලක්

Image copyright EPA

බංග්ලාදේශය සහ මියන්මාරය හැර යන දහස් ගණන් සංක්‍රමණිකයන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ඊසානදිග ආසියානු රටවල් එකඟතාව පළ කොට තිබේ.

තායිලන්තයට, මැලේසියාවට සහ ඉන්දුනීසියාවට සේන්දු වන සංක්‍රමණිකයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමට සහ ඔවුන් රැක බලා ගැනීමට එම අරමුදලින් යම් කොටසක් වෙන් වනු ඇති බවයි පැවසෙන්නේ.

Image copyright AP

නමුත් අරමුදල වෙනුවෙන් කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍යද යන්න තීරණය කළ හැකි වන්නේ සංක්‍රමණිකයන් වෙනුවෙන් සේවා සැපයීමට ඉදිරිපත් වන ජාත්‍යන්තර සංවිධාන එම සේවා සැපයීමට කොතරම් මුදලක් වය වෙනවාද යන්න සම්බන්ධයෙන් දක්වන අදහස් වලට අනුවයි.

සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිසක් රෝහින්ග්‍යා මුස්ලිම්වරු වන අතර ඔවුන් මියන්මාරයේ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින සුළු ජාතික සමූහයකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර