ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුහුදු දියඹට පාවී ගිය බිලිඳියකගේ දිවි බේරා ගැනෙයි

මුහුදු දියඹ දෙසට ගසා ගෙන යමින් සිටි බිලිඳියකගේ දිවි බේරා ගැනීමට තුර්කි වෙරළ ආරක්ෂකයෙක් සමත් වෙයි.

දස මස් වියැති බිලිඳිය හිඳ සිටි ජලයේ පාවෙන තොටිල්ල වෙරලින් කිලෝමීටරයක් පමණ ඔබ්බට ඇදී ගොස් තිබේ.

ජලයේ පාවෙන තොටිල්ල මත බිලිඳිය තබා ඇත්තේ ඇයගේ දෙමව්පියන් විසින්.

වෙරළේ සිටි අනෙකුත් සංචාරකයන් අනතුරු හැඟවීමත් සමග දියඹට ඇදී යන බිලිඳිය පිළිබඳ ඇයගේ දෙමව්පියන්ගේ අවධානය යොමු වී ඇති බව එරට රජයේ ප්‍රවෘත්ති ආයතනයක් සඳහන් කළේය.