ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විනිසුරුවරියක සහ චූදිතයකු ලෙස හමුවූ පැරණි මිතුරෝ

පාසල් වියේදී එකිනෙකා හා මිතුරුව සිටි සිසුන් දෙදෙනකු කාලයාගේ ඇවෑමෙන් විනිසුරුවරියක් සහ සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලත් සැකකරුවකු ලෙසින් නඩු විභාගයක් අතරතුර එකිනෙකා හැඳින ගත් අපූරු අවස්ථාවක් ඇමරිකාවේ මියාමි ප්‍රාන්තයෙන් වාර්තා වේ.

චෝදානා ලත් පුද්ගලයාගේ නම හඬ ගසත්ම ඔහු තම පැරණි පාසල් මිතුරකු බව හැඳින ගන්නා විනිසුරුවරිය ඔහුට ඒ බව පවසා විත්ති කූඩුවේ සිටින මෙම පුද්ගලයා පාසලේ සිටි හොදම සිසුවකු බව සිහිපත් කරන්නීය.

ඒ බව කන වැකුණු චූදිතයා ප්‍රථමයෙන් පුදුමයට පත් වන අතර පසුව හැඩීමට පටන් ගනියි.

අතීතයේ ඔහු සමග පාපන්දු ක්‍රීඩා කළ බව සිහිපත් කරන විනිසුරුවරිය අවසානයේ ඔහුට නීතිගරුක ඉදිරි දිවියකට සුබ පැතුම් එක් කර සිටියාය.