විභාග වංචා විමර්ශනයකට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

Image copyright DIPANKAR

පිරිසක් මියයාමට ද හේතුවූ විශාල විභාග වංචාවක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

එම වංචාව සිදුවී ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් හි වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ප්‍රවේශ විභාගයේ උත්තර ලිවීමේදීයි.

දහස් ගණන් සිසුන් කල්ලි වලට මුදල් ගෙවා වංචනික ලෙස කටයුතු කර ඇති බව පැවසෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

දැනටමත් මේ සම්බන්ධයෙන් දෙදහසක් පමණ පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත.

මේ වංචාවට සම්බන්ධව, හේතුවක් අනාවරණ වී නොමැති තිස් දෙනකුට වැඩි පිරිසක් මිය යාම ගැනද මේ පරීක්ෂණයේ දී සොයා බැලීමට නියමිතයි