ලබන වසරේ ඉන්දු-පකිස්තාන අගමැති හමුවක්

india-[akistan leaders Image copyright MEAIndia
Image caption ඉන්දු -පකිස්තාන් නායකයින් රුසියාවේදී හමුවූ අවස්ථාව

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී පකිස්තාන අගමැති නවාස් සහරීෆ් හමුවීමට එකඟවී ඇත.

ලබන වසරේ ඉස්ලාමාබාද්හී පැවැත්වෙන කලාපීය සමුළුවකදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.

මීට අවුරුද්දකට පෙර අගමැති තනතුරට පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදී පකිස්තානයට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ඉන්දු-පකිස්තාන නායකයින් අද (සිකුරාදා) රුසියාවේදී පැවති කලාපීය සමුළුවකදී හමුවී ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව වැඩකරන බවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ.

ඉන්දියාව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන බව පකිස්තානය විසින් චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව දෙරට අතර මෑත කාලීන සබඳතා පළුදුවී තිබේ.