ග්‍රීක මූල්‍ය අර්බුදය: සම්මුතියකට සුදානම්ද?

Image copyright Getty
Image caption ජර්මනියේ චාන්සල්වරිය ඇන්ගෙලා මාර්කෙල් සහ ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්

මූල්‍ය අර්බුදයෙන් ගොඩ එම සඳහා වන ණය ආධාර සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා සාමාජික රටවල් හා එකඟතාවකට පැමිණීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් පවසයි.

ග්‍රීක ණය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා යූරෝ කලාපයේ නායකයෝ මේ වන විට බ්‍රසල්ස් නුවරට පැමිණ සිටිති.

ආර්ථික අපහසුතාවකදී යුරෝපීය රටවලට සහාය ලබා දීම සඳහා වන විශේෂිත යන්ත්‍රණය සතු අරමුදලෙන් ඇතන්ස් පරිපාලනය යූරෝ බිලියන හැත්තෑවක ණය ආධාර බලාපොරොත්තු වේ.

බ්‍රසල්ස් නුවර බලා පැමිණි ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් කියා සිටියේ සම්මුතියකට පැමිණීම සඳහා තමා සුදානම් බවයි.

මේ අතර ‘වඩා වැදගත්ම මුදල් ඒකකය, විශ්වාසය නැති වී’ ඇති බව ජර්මනියේ චාන්සල්වරිය ඇන්ගෙලා මාර්කෙල් පැවසුවාය.

ණය ආධාර සම්බන්ධයෙන් කිනම් හෝ එකඟතාවකට පැමිණීමට නොහැකි වනු ඇති බවත් ඇය සඳහන් කළාය.

ග්‍රීක ණය අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසි අටක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ සමුළුවක් අවලංගු කෙරුණු ලැබූ බව යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් මීට ඉහතදී නිවේදනය කළේය.

ඒ බව නිවේදනය කරමින් ඔහු කියා සිටියේ ග්‍රීක ණය අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙන තුරු යූරෝ කලාපයේ නායකයන් විසින් දැනට යොදා ගෙන ඇති සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි.