'චීන උයිගර් පිරිසක් ජිහාඩ් වීමට යද්දී හසු වෙති'

Image copyright Reuters

මෑතකදී තායිලන්තයෙන් පිටුවහල් කරන ලද උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සීයකට අධික චීන ජාතිකයන් පිරිසක් ජිහාඩ්වරුන් වීම සඳහා මැද පෙරදිග බලා යමින් සිටි බව චීන රජයේ මාධ්‍ය නිවේදනය කරයි.

එම පිරිස චීනය බලා ආපසු පිටත් කර හරිනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන චීන රජයේ රූපවාහිනිය ඔස්සේ විකාශනය කොට තිබේ.

මේ අතර වද හිංසා වලට බියෙන් උයිගර් මුස්ලිම් ප්‍රජාව තම ගම් බිම් පිහිටි චීනයේ ෂින් ජියාන් ප්‍රදේශය හැර දමා පලා යන බවයි ඇමරිකානු මානව හිමිකම් සංවිධාන වල මතය වී ඇත්තේ.

තායිලන්ත රැඳවුම් භාරයේ පසු වූ උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සංක්‍රමණිකයන් පිරිස තායිලන්තය විසින් චීනයට නැවත පිටත් කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

එම පිරිසගේ පැවැත්ම සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.