අපේ මොළය දත්ත ගබඩා කරන්නේ කොහොමද?

Image copyright Thinkstock

පොත් මේසයේ සිට ලිපි ගොනුවක් දක්වා දත්ත ගබඩා කිරීමේ දී අපටම විශේෂිත වූ ක්‍රම අනුගමනයෙන් එම දත්ත නැවත සොයා ගැනීමට පහසුයි, දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලිය ඔබගේ මොළය තුල සිදු වන්නේ කෙසේද?

මිනිස් හිස් කබල තුල කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි.

ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව අනන්විත මතකය (episodic memory) නමින් හඳුන්වන අතර එහි ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන ආකෘතියක් සෑදීමට එකඟ වී තිබේ.

අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ, ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි.

අනන්විත මතකය මොළය තුල ගබඩා වන අන්දම දක්වන ආකෘතියක් නිපදවීම පහසු කාර්යයක් නොවූවත් විශේෂඥයින්ගේ උත්සාහය සාර්ථක කරමින් ආකෘතිය ගොඩ නැගී ඇත.

ආකෘතිය මගින් දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව උදා වී තිබේ.

ස්නායු ද්‍රව්‍ය මාර්ගය

Image copyright BBC World Service

දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලියේ වැදගත් කාර්යයක් ඉටු කරන කොටස වන්නේ වළල්ලක හැඩයෙන් යුතු ‘hippocampus’ නමින් හඳුන්වන මිනිස් මොළයේ ඉතා පහතින් රැලි වැටුණ පටල තට්ටුවට යට මස්තිෂ්ක කෝෂිකාව පත්ලෙහි පිහිටා ඇති ස්නායු ද්‍රව්‍ය මාර්ගයයි.

සෙන්ටි මීටර් කිහිපයක් පමණක් දිගින් යුතු වුවත් මෙම ස්නායු ද්‍රව්‍ය මාර්ගය (‘hippocampus’) මනාව මොළයේ අනෙකුත් කොටස් හා සම්බන්ධව පවතියි.

ස්නායු ද්‍රව්‍ය මාර්ගයට(‘hippocampus’) යම් හානියක් සිදු වූ පුද්ගලයින්ගේ මතකය සම්බන්ධයෙන් විවිධ ව්‍යාකූලතා පැන නගින බව සොයා ගැනීමත් සමග 1950 වකවානුවේ සිට මොළය සම්බන්ධ පර්යේෂණ වලදී ස්නායු ද්‍රව්‍ය මාර්ගයට විශාල අවධානයක් යොමු වන්නට විය.

ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක නවතම සොයා ගැනීමකට අනුව ක්ෂණික දර්ශන මගින් බිහි වන මතක ගබඩා කිරීමටද ස්නායු ද්‍රව්‍ය මාර්ගයට(‘hippocampus’) සහ ඒ ආශ්‍රිත මොළයේ කොටස් ක්‍රියා කරයි.

මොළයේ සැත්කමක් සිදු කෙරෙන අතර තුර මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගෙනයි ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් මෙම නව සොයා ගැනීම සිදු කොට තිබෙන්නේ.

විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ සමහරක් ප්‍රසිද්ධ චරිත දුටු විට ඉතා ඉහල ප්‍රතිචාර දක්වන ස්නායු එලෙස හැසිරීමට පුහුණු කරන්නේ ක්ෂණික දර්ශන වල මතකයෙන් වීමට ඉඩ ඇති බවයි.

උදාහරණයක් ලෙස ඔබ මුහුදු වෙරළට ගිය ගමනක් මොළය මතක තබා ගන්නේ මුහුදේ ශබ්ධය, මුහුදු ලිහිනින්ගේ රූප, මුහුදු රළේ පැහැය ආදී සවිස්තරාත්මක කොටස් වශයෙන් මොළයේ පැතිර යන මතක කොටස් වශයෙනි.

ඔබ නැවත වරක් මුහුදු වෙරළට යන විට පෙර ලද අත්දැකීම් වලින් ගබඩා කර ගත් මතකය එක් සම්පුර්ණ මතකයක් ලෙස නැවත සිය මතකයට නැගෙන්නේ ස්නායු ද්‍රව්‍ය මාර්ගයේ(‘hippocampus’) ක්‍රියාකාරිත්වයෙන් වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

2006 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු හංගේරියානු ජාතික ස්නායු විශේෂඥ ගයෝර්ගි බුසාකි විසින් ලියන ලද ‘රිදම් ඔෆ් ද බ්‍රේන්’ (Rhythms of the Brain) නම් කෘතියේ සඳහන් වන්නේ මොළයේ මතක සටහන් වන පෙදෙස පුස්තකාලයක් ලෙස හඳුන්වන්නේ නම් ස්නායු ද්‍රව්‍ය මාර්ගය(‘hippocampus’) පුස්තකාලාධිපති වන බවයි.