මැද පෙරදිග ප්‍රතිපත්තිය වෙනස් නොවේ - කමේනි

Image copyright

ලෝක බලවතුන් සමඟ ඉකුත් සතියේ දී ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම මගින් මැද පෙරදිග සම්බන්ධ ඉරාන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයටොල්ලා කමේනි (Ayatollah Khamenei) ප්‍රකාශ කරයි.

ඉරානය තම කලාපීය මිත්‍ර රටවලට දිගටම සහය දක්වන බවයි ඔහු කියා සිටියේ.

“පලස්තීන පීඩිත ජනතාවට, යේමනයේ පීඩිත ජනතාවට, සිරියානු රජය සහ ජනතාවට, එසේම ඉරාක රජයට සහ ජනතාවට, බහරේන් පීඩිත ජනතාවට වගේම ලෙබනනයේ සැබෑ ජිහාඩ්වාදීන්ට අපි උදව් කරනවා”

ඉරානයෙන් අසල්වාසී රටවලට එල්ල කෙරෙන සියලු තර්ජනවලට න්‍යෂ්ටික ගිවිසුමෙන් විසදුම් නොලැබෙන බවයි ජනාධිපති ඔබාමා ඉකුත්දා ප්‍රකාශ කළේ.