වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණය යළි විවෘතයි

Image copyright

කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ගේට් (Westgate) සුපිරි සාප්පු සංකීර්ණය යලි විවෘත කෙරේ.

වසර දෙකකට පෙරදී සෝමාලියානු, අල් සහාබ් (al-Shabab)ඉස්ලාමීය සටන්කාමීහු මෙම සාප්පු සංකීර්ණයට කඩා පැන ප්‍රහාරයක් එල්ළ කළහ.

නයිරෝබි (Nairobi) ආණ්ඩුකාරයා අතිනුයි සාප්පු සංකීර්ණය විවෘත වුනේ.

අද, සෙනසුරාදා සාප්පු සංකීර්ණයට ඇතුල් වූ සෑම අයකුම පරීක්ෂාවට ලක් කෙරිණ.

ලබන සතියේ ජනාධිපති ඔබාමා සාප්පු සංකීර්ණයේ සංචාරයක නිරත වෙයි.

ඔබාමාගේ සංචාරය රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව සංකේතාත්මකව පිළිගැනීමක් ලෙස විශ්වාස කෙරේ.

සාප්පු සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අල් සහාබ් (Al-Shabab) සංවිධානය තවත් ප්‍රහාර ගණනාවක්ම එල්ල කොට තිබේ.