ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෝර - මිනිස් ගැටුමක්

දකුණු අප්‍රිකාවේ පැවති දිය මත ලිස්සා යෑමේ පළමු පෙළ ජල ක්‍රීඩා තරඟයක් අතරතුර මෝරුන් දෙදෙනකුට කොටු වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් විශ්මිත ලෙස දිවි බේරා ගනියි.

ජල ක්‍රීඩක මික් ෆැනින් තරඟයට සහභාගී වෙමින් සිටින අතරතුර එක් මෝරෙකු ඔහුගේ දිය මත ලිස්සා යෑමේ ආධාරකය වෙත පැමිණ තිබේ.

මෙම තරඟය රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස නැරඹූ ඔහුගේ මව පවසා ඇත්තේ සිය පුතු මෝරෙකුගේ ප්‍රහාරයට ගොදුරු වන ආකාරය දැකීමෙන් දැඩි භීතියට පත් වූ බවයි.

Image copyright n
Image caption ලෝක ශූරතා තුනකට හිමිකම් කියන මික් ෆැනින්

අනතුරට මුහුණ දුන් ක්‍රීඩකයා තුවාල ලබා ඇති අතර සුළු වෙලාවකට පසු තරඟය නතර කිරීමට තරඟ සංවිධායකයෝ කටයුතු කළහ.

‘මම එතන ඉන්න කොට, මගේ පාදය වටා ඇති පටියේ යමක් සිර වෙනවා දැනුණා. පයින් ගසමින් මම ඉන් මිදෙන්න උත්සාහ කළා’ ක්‍රීඩකයා සිය මරණීය අත්දැකීම විස්තර කළේය.

‘මම වරල කොටස විතරයි දැක්කේ. ඌ හපයි කියලා මට හිතුනා’ ලෝක ශූරතා තුනකට හිමිකම් කියන මික් ෆැනින් මාධ්‍යයට පැවසීය.

තමා වෙත පැමිණි මොරාගේ පසු පෙදෙසට පා පහරක් එල්ල කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.