කියුබානු කොඩිය වොෂින්ටනයේ

Image copyright Getty

අඩ සියවසකට පසු ප්‍රථම වතාවට කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති කාර්යාල විවෘත වෙයි.

දෙරටේම අගනුවර මෙම තානාපති කාර්යාල ආරම්භ කෙරුණු අතර වොෂින්ටන් නුවර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල තුළ කියුබානු ජාතික ධජය එසැවිණි.

දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කෙරුණේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ කියුබාව අතර ඇති කර ගත් ගිවිසුමකට අනුවයි.

Image copyright EPA
Image caption කියුබාවේ විවෘත වුනු එක්සත් ජනපද තානාපති කාර්යාලය

මෙය ඓතිහාසික වෙනසක් ලෙස හැඳින්වෙන නමුත් කියුබාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඇමරිකානුවන්ට තවමත් සීමා තහංචි පවතී.

එමෙන්ම එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ කියුබාවට යැවීම සඳහා එක්සත් ජනපදය පනවා තිබූ තහංචි තවමත් ලිහිල් වී නැත.

Image copyright AFP

මෙම වෙළඳ තහංචි ඉවත් කරන ලෙස ජනාධිපති ඔබාමාගෙන් කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ දැඩි ඉල්ලීමක් කර ඇති නමුත් මෙම යෝජනාවට එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතුයි.