ක්‍රිකට් ක්‍රීඩක ප්‍රහාරයේ 'මහ මොළකරු' මරා දැමේ

malik_ishak Image copyright Getty
Image caption ලෂ්කාර්-ඊ-ජ්හන්ග්වී නායක මලික් ඉෂාක්

තහනම් කොට ඇති ලෂ්කාර්- ඊ-ජ්හ්න්ග්වී ව්‍යාපාරයේ නායකයෙක් වන මලික් ඉෂාක් මරා දැමූ බව පකිස්තාන පොලීසිය කියා සිටී.

බන්ධනාගාර රථ පෙළකට වෙඩිතබා මලික් ඉෂාක් නිදහස් කර ගැනීමට සන්නද්ධ පිරිසක් වෙඩි තැබූ අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවෙන් ඔහු මිය ගිය බව පන්ජාබ් පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම වෙඩි හුවමාරුවේදී අත්අඩංගුවට පත්ව සිටි මලික් ඉෂාක් ගේ පුතුන් දෙදෙනා සහ තවත් සන්නද්ධ සටන්කාමීන් එකොළොස් දෙනෙක් මියගිය අතර පොලිස් භටයින් හය දෙනෙකුට තුවාල සිදුවී ඇත.

Image copyright bbc
Image caption ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ට පකිස්තානයේ ලාහෝර් නගරයේදී ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව.

මේ මරණ සිදුවූ වාතාවරණය පිළිබඳව ගැටළු මතුවෙමින් තිබෙන බව පකිස්තානයේ බීබීසී වාර්තාකරු කියා සිටී.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් හට පකිස්තානයේ ලාහෝර් නගරයේදී.එල්ළ වූ ප්‍රහාරයේ මහා මොළකරු ලෙස මලික් ඉෂාක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබුනත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කොට සිටියේය.