ඉන්දියාව බෝම්බකරුවෙකු එල්ලා මරා දමයි

Image caption යාකුබ් මෙමන් ට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා පැවති උද්ඝෝෂණයක්

මීට වසර විසි දෙකකට පෙර මුම්බායි නුවරට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ පුද්ගලයා එල්ලා මරා දමයි.

මරණ දණ්ඩනයට නියම වී සිටින යාකුබ් මෙමන් එල්ලා මරා දමනු ලැබුවේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පුර් හි බන්ධනාගාරයේදී යි.

Image copyright BBC World Service
Image caption යාකුබ් මෙමන් ට මරණ දණ්ඩනය නියම වූයේ 2007 දී

තමාට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) ප්‍රතික්‍ෂේප කර තිබුණි.

1993 දී මුම්බායි නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් දෙසිය පනහකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

Image copyright BBC World Service
Image caption බෝම්බ ප්‍රහාර මාලාවෙන් දෙසිය පනහකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය

ඊට මාස කිහියකට පෙර පැවති කෝලාහලයක දී මුස්ලිම්වරුන් මරා දැමීම වෙනුවෙන් පලි ගැනීමට එම ප්‍රහාරය සිදු කළ බවයි සැලකෙන්නේ.

ඉන්දියාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ ඉතා කලාතුරකින් වන අතර 2004 වසරේ පටන් මේ දක්වා එල්ලා මරා දමා ඇත්තේ තවත් තිදෙනෙකු පමණි.