ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිමියාවේ සුදු සිංහ පැටවු මහජන ප්‍රදර්ශනයට

රුසියාවේ ක්‍රිමියානු අර්ධද්වීපයේ සෙවස්තපෝල් නගරයේ සත්වෝද්‍යානයක උපත ලත් සුදු සිංහ පැටවුන් සිව් දෙනකු දැක බලා ගැනීම සඳහා සත්ව ලෝලීන්ට ඉඩ සලසා දී තිබේ.

දින දහතුනක් වයසැති සිංහ පැටවුන්ගේ ඇස් නිල් පැහැති බැවින් ඔවුන් ඇලි ඝනයට අයත් නොවන බව සත්ව විශේෂඥයෝ පවසති.

ආහාරවල රස විඳිමින් සහ නිදි සුව ලබමින් සිංහ පැටවුන් දිනයෙන් වැඩි වේලාවක් ගත කරන බවයි සත්වෝද්‍යාන පාලකයින් පවසන්නේ.