චීනයේ ප්‍රබල පිපිරීම් - මරණ සංඛාව 44

Image copyright AFP

චීනයේ ටියන්ජින් (Tianjin) නගරයේ සිදුවූ ප්‍රබල පිපිරීම් වලින් හතලිස් හතර දෙනකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

දහස් ගණනක් රෝහල් ගත කොට තිබේ.

පිපිරීම් වලින් පසු දැවැන්ත ගිනි බෝලයක් අහස උසට නැගුණු අතර පැය දොළහක් ඉක්ම ගොස් ඇතත් තවමත් එම ස්ථානයේ සිට කළු දුම් පිටවෙමින් පවතී.

Image copyright EPA

ප්‍රදේශයේ සේවය කරන සංක්‍රමණිකයන් සඳහා වූ නවාතැන් පිපිරීම් වල දෙදිරීම හේතුවෙන් කැඩී බිදී ගොස් ඇතැයි ටියන්ජින් නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පැවසුවේය.

අපනයනය කිරීමට සූදානම් කොට තිබූ මෝටර් රථ දහස් ගණනක් විනාශ ගොස් වී තිබේ.

පිපිරීම් හට ගෙන ඇත්තේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලකයි.

Image copyright Xinhua