ඉරාකයේ වෙළඳපොළකට බෝම්බ ප්‍රහාරයක්

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ වෙළඳපළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් හැටකට අධික පිරිසක් මරණයට පත් වී තිබේ.

ශියා මුස්ලිම්වරුන් බහුතරයක් වාසය කරන ප්‍රදේශයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෙම බෝම්බය සවි කර තිබුනේ ට්‍රක් රථයක යි.

Image copyright Reuters

තම සංවිධානය මෙම ප්‍රහාරය දියත් කළ බව පවසමින් එහි වගකීම ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන් භාර ගෙන තිබේ.

ශියා මුස්ලිම්වරුන් මිථ්‍යාදෘෂ්ටිකයන් බව පවසමින් IS කැරලිකරුවෝ ඔවුන් ඉලක්ක කර නිතර ප්‍රහාර දියත් කරති.

මේ අතර තුර ෆලුජා ප්‍රදේශයේ ළමා හා කාන්තා රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් විස්සකට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් මරණයට පත් වී ඇති බවද වාර්තා විය.

මෙම ප්‍රදේශයේ පාලනය පවතින්නේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් යටතේයි.