ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීන පිපිරීම්: සියයකට ආසන්න පිරිසක් අතුරුදහන්

චීනයේ ටියන්ජින් නගරයේ ප්‍රබල පිපිරීම් සිදු වී දින හතරක් ගතව ඇති අතර තවමත් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන් වී සිටිති.

අතුරුදහන් වී ඇති එම පිරිසෙන් බොහෝ දෙනෙක් ගිනි නිවන භටයින්.

තොරතුරක් නොමැති ගිනි නිවන භටයින් පිළිබඳ නිල තොරතුරු මද වශයෙන් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීහු විරෝධය පළ කර සිටිති.

රසායන ද්‍රව්‍ය හා සම්බන්ධ අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවන භටයින් හට ප්‍රමාණවත් පුහුණුවක් ලබා දී නොමැති බව පෙනෙන්න ඇති බවත් ඥාතීහු පවසති.

මේ අතර ස්ථීර වශයෙන් නොදත් තොරතුරු පළ කොට ජනතාව අතර තැති ගැනීමක් ඇති කරන බවට චීන අන්තර්ජාල නියාමන බලධාරීහු ඇතැම් වෙබ් අඩවිවලට චෝදනා කරති.

චෝදනා ලත් වෙබ් අඩවි කිහිපයක් වසා දැමීමටත් චීන බලධාරීන් කටයුතු කොට තිබේ.

අනතුරට හසු වීමෙන් ඒක සිය දොළොස් දෙනෙක් මරුමුවට පත් වූහ.

දිවි බේරා ගත් පිරිස් සිටී දැයි සොයා බැලීම සඳහා නියමුවන් රහිත ගුවන් යානයක් යොදා ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසුවේය.