මැතිවරණය, ජන මත විචාරණයක්? - ජගත් මාධ්‍ය

The Guardian newspaper

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණය නිරීක්ෂණය කරමින් සිටින ජාත්‍යන්තර ජන මාධ්‍ය මෙවර මහා මැතිවරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජයගන්නේද නැද්ද පිළිබඳ ජන මත විචාරණයක් ලෙස හඳුන්වයි

එය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය පිළිබඳ ජනමතවිචාරණයක් ලෙස Al Jazeera ‘අල් ජසිරා’ රූපවාහිනිය ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කළ පෙරමුණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇරඹීම පිණිස ශක්තිමත් වරමක් බලාපොරොත්තුවන බවයි එය කියා සිටින්නේ.

ප්‍රධාන සටන පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ අතර බවයි Al Jazeera රූපවාහිනිය සඳහන් කරන්නේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කළ පෙරමුණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇරඹීම පිණිස ශක්තිමත් වරමක් බලාපොරොත්තුවන බවයි එය කියා සිටින්නේ.

ප්‍රධාන සටන පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ අතර බවයි එය සඳහන් කරන්නේ.

Times of India, ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත් පත පවසන්නේ අගෝස්තු 17 වැනිදා මැතිවරණය හිටපු ජනාධිපතිවරයාගේ පිළිගැනීම හෝ නොපිළිගැනීම තීරණය කරන බවයි.

මැතිවරණයට පෙර පළ කළ අනාවැකි පුළුල් ලෙස වෙනස් තත්වයක් ගත් බවත් ප්‍රකාශිත වාර්තා කිසිවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපසු පැමිණීමට පක්ෂව වාර්තා පල කොට නොතිබුණු බව Times of India පුවත් පත සඳහන් කරයි.

යහ පාලනය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනතා පෙරමුණ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ මෙම මැතිවරණය පැවැත්වෙන්නේ ඉකුත් ජනවාරි 8 වැනිදා ජාතිය දිනා ගත් ජය තහවුරු කිරීමක් බව එම පුවත් පත පවසයි.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට නම් එය ජනවාරි 8 වැනිදා ලබා ගත් සංවර්ධන විරෝධී ජනවරම යළි නිවැරදි කිරීමේ අවස්ථාවක් බව යැයි එය සඳහන් කරයි

ලෝක නායකයන්ට ශ්‍රී ලංකා මැතිවරණය වැදගත් වන්නේ කෙසේද යන මාතෘකාව යටතේ ලන්ඩනයේ ‘ Bloomburg, ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය ලිපියක් පල කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ආයෝජන වලට ඉමහත් බාධාවක්වූ සිවිල් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවාසීන් දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිණිස ඡන්ද ප්‍රකාශ කරමින් සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

රටේ ආර්ථිකය එම අවස්ථාවෙ දී සියයට 7.4 ක ආර්ථික වර්ධනයක් අත් කර ගනිමින් සිටි බව එය පෙන්වා දෙයි.

ඉකුත් වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 1.5 ක් පමණ පැමිණි බව පවසන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය එම සංඛ්‍යාව 2009 වසරට වඩා තුන් ගුණයක් වැඩිවීමක් බවයි කියා සිටින්නේ.

ඉකුත් දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාමත්ම හොඳින් ප්‍රතිඵල අත් කර ගත් කොටස් වෙළෙඳ පොළ 10 අතරට එක්ව තිබුණු බවයි එය පවසන්නේ.

මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි බව විශ්ලේෂකයන් උපුටා දක්වමින් Daily FT, ‘ඩේලි ෆයිනෑන්ෂල්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

නමුත් යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ආසන 95-105 අතර ගණනක් හිමි කර ගන්නා බවට බොහෝ අනාවැකි පලවී ඇති බවයි එය තවදුරටත් පවසන්නේ

අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිටුපස සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනතාව පෙළ ගැසී සිටින බවත්, පාර්ලිමේන්තුවේ ආසන 225 න් බහුතර බලයක් අල්ලා ගැනීමට ඊට හැකියාව ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන් පවසන බව Reuters, රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබේ.