පෘතුවියේ ජීවය කොතරම් කාලයක් පවතියිද?

Image copyright NASA

සියලු දේ අනිත්‍යයි යන ප්‍රසිද්ධ කියමන සනාථ කරමින් යම් දිනක පෘතුවියේ ජීවයද වියැකී යනු ඇති.

නැගෙන ප්‍රශ්නය නම් ඒ කොපමණ කාලයකින් පසුව ද යන්නයි.

දැනට හමු වී ඇති පොසිල පරීක්ෂා කිරීමෙන් හෙළි වී තිබෙන්නේ පෘතුවිය මත ජීවය බිහිවී අඩුම තරමින් වසර බිලියන තුනහමාරක් වත් ගතවී ඇති බවයි.

Image copyright Andrea Schmidt.

එම වසර බිලියන තුනහමාරක කාලය තුළ ඇති වූ දැවැන්ත විෂවායු පැතිරීම්, අභ්‍යාවකාශ පර්වත කඩා වැටීම්, සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදී යාම, මාරාන්තික විකිරණ වලට නිරාවරණය වීම වැනි අනතුරු වලට මුහුණ දුන් පෘතුවිය තවමත් ජීවයෙන් පිරී තිබීම ආශ්චර්යක්.

ඉතින් පෘතුවියෙන් ජීවය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

Image copyright BBC World Service

නමුත් විද්‍යාඥයින් පවසන්නේ එවැනි භයානක මෙන්ම අනුමාන කළ නොහැකි තරම් විසල් ව්‍යසන පෘතුවිය කරා පැමිණීමේ ඉඩකඩ පවතින බවයි.

එවැනි අනතුරු කිහිපයක් සිදු විය හැකි ආකාරය සහ කෙතරම් කාලයකින් මේ ව්‍යසන පෘතුවියට ලඟා වේ දැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පල කොට තිබෙන අනාවැකි සම්බන්ධයෙන් කතා කිරීමට අප සුදානම්.

ගිනි කඳු පිපිරීම්

වර්තමානයේ සිට වසර බිලියන 100ක් ඇතුළත හට ගනු ලබන විශාල ගිනි කඳු පිපිරීම් මගින් පෘතුවිය මත ජීවය මුලිනුපුටා දමනු ඇති බවට අනාවැකි පළ වෙයි.

අවසන් වරට පෘතුවිය මෙවන් ව්‍යසනයකට ලක් ව තිබෙන්නේ මීට වසර බිලියන 250 කට ඉහතදී වන බවයි විශ්වාස කෙරෙන්නේ.

එම අවස්ථාවේ මුහුදේ ජීවත් වූ සත්වයින්ගෙන් 95%ක් සහ භුමියේ ජීවත් වූ සත්වයන්ගෙන් 85% ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවට විශ්වාස කරයි.

මුළු පෘතුවියටම බලපෑ විශාල ගිනි කඳු පිපිරීමක් මගින් එලෙස පෘතුවියේ ජීවය අඩකටත් වඩා විනාශ කර දැමුණු අතර ඊට මදක් අඩු බලපෑමකින් යුතු පිපිරීම් මින් වසර මිලියන 180කට සහ වසර මිලියන 85කට පෙර ඇතිවූ බවටයි විශ්වාස කෙරෙන්නේ.

Image copyright Getty Images

නොර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙන්රික් සෙවන්ස් පවසන්නේ මින් පෙර හටගත් පිපිරීම් අතර කාලයේ හෝ පරිමානයේ සමානකම් දැකිය නොහැකි බැවින් මීළඟ ගිනිකඳු පිපිරීම කොතරම් කාලයකින් හට ගනී දැයි නිශ්චිත ලෙස පැවසීමට අපහසු බවයි.

එවැනි දරුණු ගිනිකඳු පිපිරීමක් පෘතුවියේ කුමන කොටසක හට ගනීද යන්න පවා අවිනිශ්චිත නමුත් සයිබීරියාව වැනි ලවන තට්ටු අධිකවැ තැන්පත් වී ඇති ප්‍රදේශයක පිපිරීම් සිදු වුවහොත් ඕසෝන් ස්තරයට හානි කරන රසායන ද්‍රව්‍ය වායුගෝලයට නිකුත් වීමට ඉඩ කඩ පවතින බවයි මහාචාර්ය හෙන්රික් පවසන්නේ.

එවැනි විෂ වායු මුදා හැරීමක් සිදු වුවොත් බොහෝ ජීවීන් වර්ග පොලෝ තලයෙන් සදහටම තුරන් වනු ඇති බවටයි ඔහු අනාවැකි පල කරන්නේ.

ක්ෂුද්‍රග්‍රහයකු කඩා වැටීම

ඩයිනසෝරයන් ලෝකයෙන් වඳ වී ගියේ කෙසේද යන්න අප කවුරුත් දන්නා ප්‍රකට කතාවකි.

ඩයිනසෝරයන් විනාශ කර දැමූ ආකාරයෙන්ම ක්ෂුද්‍ර ග්‍රහයෙකු නැවතත් පොළවට කඩා වැටුනොත් එමගින් පෘතුවියේ ජීවය විනාශ කිරීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ.

එතරම් විශාල ග්‍රාහක කැබලි කඩා වැටීමට පවතින්නේ වසර මිලියන 500කට වරක් වැනි දීර්ඝ කාලීන ඉඩකඩකි.

Image copyright Thinkstock

එබැවින් නැවතත් වසර මිලියන 450 ක කාලයක් ඇතුළත මෙවැනි අනතුරක් පෘතුවියට ඇතිවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබුනත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළ කිරීම ඉතා අමාරු කාර්යයක් බවයි කැනඩාවේ මහාචාර්ය මැනිකෝගන් කාටර් කියා සිටින්නේ.

පෘතුවි මධ්‍යය ශීතලෙන් මිදීම

Image copyright BBC World Service

වසර බිලියන තුනත් හතරත් අතර කාලයක් ඇතුලත පෘතුවි මධ්‍යයේ පවතින ලෝදිය සහ ගිනියම් ගල් තට්ටු සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදීමට ඉඩ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

පෘතුවියේ මධ්‍යය එලෙස ශීතලෙන් මිදුනොත් පොළවේ චුම්බක ක්ෂේත්‍රය විනාශ වනු ඇති අතර ගුරුත්වාකර්ෂණ බලයක් නොමැතිව ජීවයට සුදුසු පරිසරයක් පවත්වා ගෙන යාමට පෘතුවියට නොහැකි වනු ඇති.

අඟහරු ග්‍රහයා මින් වසර බිලියන 3.7කට පෙර චුම්බන ක්ෂේත්‍රයක් සහිත ග්‍රහලෝකයක් ලෙස පැවති බව ඔප්පු කිරීමට 1997 තාක්ෂනය පිලිබඳ කැලිෆෝනියා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අවශ්‍ය තරම් සාධක සොයා ගනු ලැබිණ.

එමගින් පැහැදිළි වන්නේ පෘතුවියේ මාධ්‍ය සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදුනොත් එය අඟහරු ග්‍රහයා මෙන් ජීවය පවත්වාගැනීමට අවශ්‍ය සාධක නොමැති මල ග්‍රහයෙකු බවට පත් වෙනු ඇති.

නමුත් සොයා ගැනීම් වලින් හෙළිව තිබෙන්නේ ද්‍රව තත්වයේ පවතින පෘතුවි මාධ්‍යයෙන් වසරකට ඝන තත්වයට පත් වන්නේ මිලි මීටර එකක ප්‍රමාණයක් පමණක් බවයි.

පෘතුවි මධ්‍යයේ අරය කිලෝ මීටර 2300යකටත් වඩා ඝන බැවින් මෙවැනි අනතුරක් ඇස පෙනෙන මානයේ නැති බවයි විද්‍යාඥයන් පවසන්නේ.