තායිලන්ත දේශ සීමාවේ තවත් සමූහ මිනීවළක්

Image copyright AFP
Image caption පසුගිය මැයි මාසයේ සොයා ගන්නා ලද සමූහ මිනීවළක්

තායිලන්ත දේශ සීමාව අසල සමූහ මිනීවළක වල දමා තිබූ තවත් මළසිරුරු විසි හතරක් සොයා ගැනීමට හැකි වූ බව මැලේසියානු පොලිසිය පවසයි.

නොගැඹුරු සමූහ මිනීවළක තිබී සොයා ගත් මෙම මළසිරුරු නීති විරෝධී ලෙස පුද්ගලයන් සංක්‍රමණය කරන ජාවාරම් කරුවන් හරහා තායිලන්තයට සහ අනෙකුත් අසල්වැසි රට වලට ඇතුළු වීමට උත්සාහ කරන රෝහින්ග්‍යා ජන සමූහයට අයත් පුද්ගලයන්ගේ සිරුරු බවටයි සැක කෙරෙන්නේ.

Image copyright AFP

මෙම සමුහ මිනීවළ දේශ සීමාවේ ඝන කැලෑවෙන් වැසුණු ප්‍රදේශයක තිබී හමු වූ බවයි මැලේසියානු පොලිසිය කියා සිටියේ.

පසුගිය මැයි මාසයේ සොයා ගනු ලැබූ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ මළසිරුරු සීයකට අධික ප්‍රමාණයක සමූහ මිනීවළ පිහිටි ස්ථානයට නුදුරින් මෙම සිරුරු වල දමා තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අනාවරණයත් සමග මැලේසියාව නීති විරෝධී ලෙස පුද්ගලයන් සංක්‍රමණය කරන ජාවාරම් කරුවන් නැවත්වීමට අවශ්‍ය තරම් පියවර ගන්නේද යන්න පිළිබඳ පුළුල් කතා බහක් ඇති වන බවයි වාර්තා කරුවන් විශ්වාස කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර