ඉන්දියාවේ කුලවාදී ප්‍රචණ්ඩ ගැටුම් - තිදෙනෙක් මරුට

Image copyright bbc

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කුලවාදී ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් තිදෙනෙක් මිය යති.#

ප්‍රාන්තයේ ප්‍රදේශ 17 ක ඇඳිරි නීතිය පනවා ඇති අතර නීතිය සහ සාමය රැකීම් පිණිස ප්‍රාන්තය පුරා යුද හමුදාව දහස් ගණනින් යොදවා තිබේ.

බල පුළුවන්කාර පටෙල් ජන කොටස් රැකියා සඳහා කෝටා ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළ අතර ඉන් අනතුරුව හට ගත් ගැටුම්වලින් පසු ගුජරාට් ප්‍රාන්තයේ ඇඳිරි නීතිය පනවන ලදී.

බනස්කාන්ට ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව පොලීසිය වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගොස් ඇත.

අහමදාබාද් ප්‍රදේශයේ දී ද උද්ඝෝෂකයන් විසින් පොලිස් ස්ථානයකට පහර දීමෙන් අනතුරුව පොලීසිය කළ වෙඩි තැබීම් වලින් දෙදෙනෙක් මිය ගියහ.

උද්ඝෝෂකයෝ බස් රථ 15 ක් ඇතුළු රථ වාහන ගණනාවකට ගිනි තැබුහ.

Image copyright bbc

ජංගම දුර කථන සහ අන්තර් ජල සේවාවන් විසන්ධි කොට තිබේ. ඊයේ බදාදා රාත්‍රි, කුලවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගිනි තැබීම් හට ගත්තේය.

සාමකාමී වන්න - මෝඩි ගුජරාට් ප්‍රාන්තයේ වැසියන්ට සාමකාමී වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉල්ලා සිටියේය.

ගුජරාට් ඉන්දීය අගමැතිවරයා උපන් ප්‍රාන්තයයි.

ප්‍රචණ්ඩත්වයෙන් කිසි දිනක කාටත් යහපතක් සිදුවී නැතැයි ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

Image copyright AFP

ශාන්තිය පතා යාඥා කරන ලෙස අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බල පුළුවන් කාර පටෙල් ජන කොටස් රැකියා සඳහා කෝටා ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළ අතර ඉන් අනතුරුව හට ගත් ගැටුම්වලින් පසු ගුජරාට් ප්‍රාන්තයේ ඇඳිරි නීතිය පනවන ලදී.

පටෙල් ජනතාව සහ පොලීසිය හා ප්‍රාන්තයේ අඩු කුලයේ යැයි සලකන පිරිස් අතර ප්‍රාන්තය පුරා ගැටුම් හට ගැනින.

ඊයේ අඟහරුවාදා පටෙල් ජන කොටස් සංවිධාන කළ දැවැන්ත රැළියකින් පසුවයි ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියේ.