බැංකොක් ප්‍රහාරය - සැකකරුවෙක් අත්අඩංගුවට

Image copyright REUTERS

පුද්ගලයන් විසි දෙනෙකු මරණයට පත් කරමින් තායිලන්තයේ බැංකොක් නුවර දී පසුගිය දා සිදු වු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තායි පොලිස් නිලධාරීන් විසි අට වන වියේ පසු වන සැකකරු බැංකොක් නගරය ආසන්නයේ පිහිටි මහල් නිවාසයක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විදේශිකයෙකු යයි සැලකෙයි. එසේම යකඩ බෝල ඇතුළු බෝම්බ තැනීමට ගනු ලබන බවට සැක කෙරෙන උපකරණ කිහිපයක් ද පොලිසියට හමු වී ඇත.

මීට සති දෙකකට පෙර මධ්‍යම බැංකොක් ප්‍රදේශයේ පිහිටි ඓරාවන් පුදබිමේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය වැඩි දෙනා සංචාරකයෝ වෙති.