අල් ජෂීරා මාධ්‍යවේදීන් තිදෙනකුට සිර දඬුවම්

Image copyright AP
Image caption මොහමඩ් ඵහ්මි සහ බහීර් මොහමඩ්

ඊජිප්තු අධිකරණයක් අල් ජසීරා මාධ්‍ය ජාලයේ රුපවාහිනී මාධ්‍යවේදීන් තුන් දෙනකුට වසර තුන බැගින් සිර දඬුවම් නියම කොට ඇත.

නීතියෙන් තහනම් කරනු ලැබ ඇති මුස්ලිම් සහෝදරත්වය සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණේ.

ඊජිප්තුවට හානිකර තොරතුරු සහ එසේම සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වූ බවට මොහමඩ් ඵහ්මි පීටර් ග්‍රෙස්ට් සහ බහීර් මොහමඩ් නම් මාධ්‍යවේදීන් දෙදෙනා චෝදනා ලැබ සිටි අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණ නැවත විභාගයක දී ඔවුන් තිදෙනා එම චෝදනා වලට වරදකරුවන් කෙරුණ බවයි ඊජිප්තු වාර්තා මගින් පැවසෙන්නේ.

පළමු නඩු විභාගයේ දී චුදිතයන් දෙදෙනාට එරෙහිව බරපතළ දඬුවමක් නියම කෙරුණ අතර ඊට එරෙහිව විශාල විරෝධයක් මතු වුණි.

දෙවන නඩු විභාගයේ දී එම පළමු තීන්දුව වෙනස් කෙරුණි.

Image copyright
Image caption පීටර් ග්‍රෙස්ට්

අද (29) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ අවස්ථාවේ මොහමඩ් ඵහ්මි සහ බහීර් මොහමඩ් උසාවියට පැමිණ සිටියහ.

පීටර් ග්‍රෙස්ට් ඔහුගේ ජන්ම භූමිය වන ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරනු ලැබ ඇති අතර ඔහු නොමැතිවයි නඩුව විභාගයට ගනු ලැබුණේ.