පැල්මයිරා පුද බිමේ තවත් විනාශයක්

Image copyright Thinkstock
Image caption ක්‍රි.ව.103 දී ඉදි කරන ලද ‘එලාබෙල්’ සොහොන් කොත

සිරියාවේ පෞරාණික පැල්මයිරා පුද බිමේ සොහොන් කොත් තුනක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් (අයි එස්) විනාශ කර දැමූ බව සිරියාවේ පුරාවස්තු භාර බලධරයා පවසයි.

විනාශ කළ සොහොන් කොත් අතර ක්‍රි.ව.103 දී ඉදි කරන ලද ‘එලාබෙල්’ සොහොන් කොතද වන බවයි සිරියානු පුරාවස්තු බලධාරී මාමුන් අබ්දුල් කරීම් පවසන්නේ.

Image copyright Reuters
Image caption පැල්මයිරා පුද බිමේ සොහොන් කොත්

පැල්මයිරා පුද බිම පිහිටි සිරියානු කලාපය අයි එස් කැරලිකරුවන් අතට පත් වූයේ පසුගිය මැයි මාසයේදී යි.

මෙම පුද බිමේ තිබූ පෞරාණික දේවස්ථාන දෙකක් අයි එස් කැරලිකරුවන් විසින් විනාශ කළ බව මීට පෙරද වාර්තා විය.

Image copyright Reuters
Image caption අයි එස් කැරලිකරුවන් විනාශ කළ දේවස්ථානයක්

මෙම බාල්ශමින් පුද බිම පිහිටා ඇත්තේ සිරියාවේ දමස්කස් අගනුවරින් ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි කාන්තාරයකයි.

Image copyright AP
Image caption පැල්මයිරා පුද බිමේ දර්ශනයක්

මෙම පුද බිම ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

Image copyright Getty Images

ඓතිහාසික වැදගත් කමකින් යුත් මෙම පුරා වස්තු විනාශ කර දැමීම යුද අපරාධයක් බවයි යුනෙස්කෝ සංවිධානය පවසන්නේ.

Image copyright AFP