ඝානාවේ නඩුකාරයන් තිස් ගණනකට එරෙහිව නඩු

  • 2015 සැප්තැම්බර් 10
Image copyright Getty
Image caption ඝානාවේ අගවිනිසුරුවරිය-ජෝර්ජිනා තියඩෝරා

ඝානාවේ තිස් දෙනකුට අධික නඩු කාරයන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ විභාගයක් ආරම්භ කරනු ලැබ ඇත.

කප්පම් සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙනුයි එම විනිසකරුවන් චෝදනා ලබන්නේ.

විමර්ශනය පවත්වනු ලබන්නේ ඝානාවේ අධිකරණ මණ්ඩලය මගින්.

මාධ්‍යවේදියෙක් වසර දෙකක කාලයක් තිස්සේ සිදු කල ගවේෂණයක තොරතුරු ප්‍රකාශයට පත් කිරීමත් සමගයි එම විමර්ශනය ආරම්භ කෙරුණේ.

එම ගවේෂණය සිදු කළ මාධ්‍යවේදියා වන අනාස් ආමෙයාව් (Anas Aremeyaw) පවසන්නේ පැය පන්සීයකට ආසන්න කාලයක පටිගත කෙරුණ වීඩියෝ සාක්ෂි අගවිනිසුරුවරයාට භාර දුන් බවයි.

චෝදනා ලබන කිසිදු විනිසුරකු මේ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.

නඩුකාරයන් සම්බන්ධ වී ඇතැයි පැවසෙන අපචාරයට අධිකරණ අංශයේ නිලධරීන් එකසිය අසූවක් පමණ හවුල් වී ඇති බවත් වාර්තා වෙයි.