ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුම්බායේ මිනිස් පිරමීඩ උමතුව

ඉන්දියාවේ තරුණ කණ්ඩායම් එකිනෙකා මත නැගෙමින් පිරමීඩ හැඩයක් ගොඩනැගීම වික්‍රමාන්විත ක්‍රීඩාවක් වශයෙන් මහාරාෂ්ට්‍රා ප්‍රාන්තය විසින් නම් කරනු ලැබ තිබේ.

සෑම වසරකම මුම්බායි නුවර පැවැත්වෙන 'ජන්මාෂ්ටමී' නමින් හැඳින්වෙන ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපත සැමරෙන හින්දු උත්සවයේදී බොහෝ තරුණ කණ්ඩායම් මිනිස් පිරමීඩ ගොඩනැගීමට සහභාගී වනු දැක ගත හැකියි.

එකිනෙකා මත නැගෙමින් මිනිස් පිරමීඩයක් ගොඩ නගන තරුණ කණ්ඩායම් පොළවේ සිට මීටර් කිහිපයක් උසින් හරස් අතට සවි කර ඇති ලණුවක එල්ලෙන කිරි පුරවන ලද ‘දහී හාන්ඩි’ නමින් හැඳින්වෙන මුට්ටිය බිඳ දැමීමට උත්සාහ කිරීම හින්දු සංස්කෘතික අංගයක් ලෙසයි ප්‍රකටයි.

2012 වසරේ මුම්බායි හි පැවති 'ජන්මාෂ්ටමී' උත්සවයට සහභාගී වූ ජායි ජවාන් ගෝවින්දා කණ්ඩායම විසින් අඩි 43.79ක් උසැති මිනිස් පිරමීඩයක් ගොඩනගමින් ගිනස් පොතට වාර්තාවක් එක් කිරීමට ද සමත් විය.

වීඩියෝවේ දර්ශනය වන්නේ මෙම වික්‍රමාන්විත ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දීය තරුණ කණ්ඩායම් සුදානම් වන ආකාරය සහ ඔවුන් විශ්මිත මිනිස් පිරමීඩ ගොඩනගන ආකාරයයි.