මුම්බායි දුම්රිය ප්‍රහාරය: 12ක් වැරදිකරුවන්

ඉන්දියාවේ බටහිර මුම්බායි අධිකරණයක් විසින් 2006 බුම්බායි දුම්රියේ බෝම්බ පිපිරීමට සම්බන්ධ බවට පුද්ගලයන් දොළොස් දෙනෙකු වැරදි කරුවන් ලෙස තීන්දු කරනු ලැබ ඇත.

සිය ජාතියට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට උත්සාහ දැරීම, ඝාතන කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ එම පුද්ගලයන් දොළොස් දෙනා වැරදි කරුවන් බවයි අධිකරණය තීන්දු කරනු ලැබුවේ.

2006 ජූලි මස එකොළොස් වැනිදා මුම්බායි මගී දුම්රියක පුපුරුවා හරින ලද බෝම්බ ප්‍රහාරයෙන් 189 දෙනෙකු මිය ගිය අතර 800කට අධික පිරිසක් තුවාල ලැබූහ.

පකිස්තාන සහය ලබන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉන්දීය රජය ප්‍රකාශ කළත් පකිස්තානය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.

බෝම්බ ප්‍රහාරයේ සැළසුම

එළඹෙන සඳුදා වරද කරුවන්ට ලබා දෙන දඬුවම් අධිකරණය විසින් ප්‍රකාශ කරනු ඇති අතර වරද කරුවන් මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබනු ඇත.

2006 ප්‍රහාරය සිදු කරන ලද්දේ පීඩන උදුන් (pressure cookers) හතක් තුල සවි කරන ලද බෝම්බ බහාලුව මලු දුම්රියේ විවිධ තැන වල ස්ථාන ගත කර මිනිත්තු පහළොවක කාල පරතරයකින් බෝම්බ පුපුරුවා හැරීමෙනි.

සාක්ෂි කරුවන් දෙසිය දෙනෙකු සහභාගී වූ නඩු විභාගය වසර අටක් පුරා කෙරුණු අතර අවසන් වරට අධිකරණය විසින් සියලු කරුණු සලකා බලන ලද්දේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දීය.

මුම්බායි දුම්රිය පද්ධතිය ලෝකයේ ඉතාමත් කාර්ය බහුල දුම්රිය සේවයක් වශයෙන් හඳුන්වන අතර දිනකට ප්‍රවාහනය කරන මගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි.