ආදරවන්තයා සොයා ඈත රටකට ගිය උණහපුළුවා

  • 2015 සැප්තැම්බර් 11

සහකරුවෙකු සොයා ගැනීම සඳහා ජපානයේ සිටි උණහපුළුවෙකු ඉංග්‍රීසි ඕඩයේ ජර්සි දූපතට යවා තිබේ.

ඉතා දුර්ලභ ගණයකට අයත් මෙම උණහපුළුවාට ලබා දී ඇති දිගු නිවාඩුව තුළ තමාට ගැළපෙන සහකරුවෙකු සොයා ගනු ඇති බවට ජපාන සත්ව විද්‍යාඥයෝ විශ්වාස කරති.

ජපානයේ සත්වෝද්‍යානයක ජීවත් වූ ‘අලා’ නමැති මෙම සය හැවිරිදි ගැහැණු සත්වයාට ඉතා ඈත රටකින් ආදරවන්තයෙකු සොයා ගැනීමට අවස්ථාව සලසා දී ඇත්තේ සත්ව ජාන විවිධත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහායි.

‘අලා’

‘අපි හිතනවා ‘අලා’ හොඳ නිරෝගී උණහපුළු පැටියෙක් බිහි කරලා අපිට සුබ ආරංචියක් ලබා දෙයි කියල.’ ජපානයේ සත්වෝද්‍යාන බලධරයෙක් පැවසීය.

ලෝකයේ විශාලතම නිශාචර සත්වයා හැටියට සැලකෙන්නේ මෙම උණහපුළු වර්ගයයි.

ලොව පුරා සත්වෝද්‍යානවල මෙම දුර්ලභ වර්ගයට අයත් උණහපුළුවන් ඇත්තේ පනස් එක් දෙනෙකු පමණයි.

මොවුන් ගේ ජන්ම භූමිය වන මැඩගස්කරයේ ජනතාව උණහපුළුවන් දැකීම අසුභ ලකුණක් සේ සලකන බැවින් මෙම සතුන් දුටු තැන මරා දැමීමට ඔවුහූ පෙළඹෙති.

වන විනාශය නිසා ද මෙම සතුන් වඳ වී යාමේ තර්ජනයට පත් වී තිබේ.