ඉන්දියාවේ පිපිරීමක්: අසූ දෙකක් මරුට

Image copyright Getty

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආපනශාලාවක් තුළ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් අසූ දෙදෙනෙකුවත් මරුමුවට පත්වී ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

මීට අමතරව පුද්ගලයන් දොළොස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත.

බස් නැවතුමකට නුදුරින් ඇති ආපන ශාලාව පිපිරීම සිදු වන මොහොතේ උදෑසන සේවය සඳහා යමින් සිටි කාර්යාල සේවකයන්ගෙන් සහ උදෑසන ආහාරය ගනිමින් සිටි පාසැල් ළමුන් ගෙන් පිරී පැවතිණි.

ආපන ශාලාවේ මුළුතැන්ගෙයි භාවිතයට ගන්නා ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ඇතිවූ ගින්න අසල ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයකට ඇවිලී යාමෙන් මෙම මහා පිපිරීම සිදු වන්නට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීම සඳහා මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් යුහුසුලු ව කටයුතු කරමින් සිටියි. ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශකයෙකු කියා සිටියේ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.