පාප් වහන්සේ ෆිදෙල් කස්ත්‍රෝ හමුවෙති

Image copyright AP

කියුබාවට ගොස් සිටින ෆ්රාන්සිස් පාප් වහන්සේ කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමු විය.

හිටපු නායක කස්ත්‍රෝ හමු වීමට පෙර පාප් වහන්සේ හවානා නුවර දේව මෙහෙයකට සහභාගී වුහ.

Image copyright Getty

හවානා නුවර පිහිටි කැස්ත්‍රෝ ගේ නිවසට ගිය පාප් වහන්සේ එහිදී ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ලෝක දේශපාලනය සහ ආගමික කරුණු ගැන කතා බහ කර ඇති බවයි වාර්තා වන්නේ.

වතිකානය විසින් මෙය හඳුන්වනු ලැබුවේ ‘නිල නොවන මිතුරු හමුවක්’ ලෙසිනි.

Image copyright Reuters

පාප් වහන්සේ කියුබාවට පැමිණියේ එක්සත් ජනපදයේ නිල සංචාරයකට යන අතරතුර යි.

මීට පෙර පදවිය දැරූ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සහ බෙනඩික් පාප් වහන්සේ ද කියුබාවේ සංචාරය කළහ.