සංස්කෘතික උරුම විනාශය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

Image caption මාලි හි පිහිටා තිබෙන මඩ වලින් නිමවූ ලෝකයේ විශාලතම මුස්ලිම් පල්ලිය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු

මාලි හි ටිම්බුක්තු (Timbuktu) නගරයේ ආගමික හා ඓතිහාසික ස්මාරක විනාශ කළ බවට චෝදනා ලබා සිටින ඉස්ලාම් අන්තවාදි සැකකරුවෙකු යුධ අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) භාර දී ඇත.

නිගර් හි බලධාරීන් විසිනුයි අහමඩ් අල් මහදි අල් ෆාකි (Ahmad Al Mahdi Al Faqi) මෙසේ භාර දී ඇත්තේ.

මේ අනුව සංස්කෘතික උරුමයන් විනාශකිරීමේ වරදට ජාත්‍යන්තර අපරාධ අධිකරණයක දඬුවම් ලබන ප්‍රථම පුද්ගලයා වන්නේ ඔහුයි.

2012 වසරේ දී සන්නද්ධ කණ්ඩායම් දෙකක් විසින් ටිම්බුක්තු (Timbuktu) අල්ලා ගැනීමේ දී හා ඓතිහාසික ස්මාරක විනාශකිරීමේ දී ඔහු ක්‍රියාකාරීව සහය දුන් බවයි නීතිඥයන් පවසන්නේ.

Image copyright AP
Image caption තවත් සංස්කෘතික උරුම විනාශයක්

ඓතිහාසික නගරයේ නිර්මාතෘවරුන් ට උපහාර පිදෙන පුජනීය ස්ථාන බවට පත්ව තිබූ එම ස්මාරක මුස්ලිම් අන්තවාදීන් විසින් සලකනු ලැබුවේ මනඃ කල්පිත දෙවි වරුන් හට පුද පුජා තබන ස්ථාන ලෙසටයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර