ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මකුළුවකු පිළිස්සීමට ගොස් සිදු වූ ඇබැද්දියක්

මිචිගන් ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හලකදී සිය කාරයේ බඳ මත සිටි මකුළුවකු පුළුස්සා දැමීමට ඇමරිකානුවකු උත්සාහ ගැනීමත් සමග ඒ අසල වූ ඉන්ධන පොම්පයට ගිනි ඇවිළෙන ආකාරය ආරක්ෂක කාමරවල සටහන් විය.

මෙම පුද්ගලයා මකුළුවා පුළුස්සා දැමීමේ අරමුණින් සිය අත වූ දුම්වැටි දල්වනය දැල්වීමත් සමගයි ගින්න හට ගත්තේ.

තමා මකුළුවන්ට බියක් දක්වන බව ඔහු පසුව පිරවුම් හලේ කාර්ය මණ්ඩලය සමඟ පවසා තිබේ.

කෙසේ වෙතත් මකුළුවා අවසන් ගමන් ගියේද නැද්ද යන්න පැහැදිලි නැත.