මක්කම මරණ සංඛ්‍යාව මතභේදයට

Image caption තෙරපීම හේතුවෙන් අටසීයකට වැඩි පිරිසක් තුවාල ලැබුහ

මක්කමදී මරණයට පත් වන්දනාකරුවන්ගේ ප්‍රමාණය සෞදි අරාබිය ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාවට වඩා ඉහළ බව නයිජීරියානු බලධාරීහු පවසති.

නිල වාර්තා මගින් ප්‍රකාශ වූයේ තෙරපීමට හසු වී 769 දෙනෙකු මරුමුවට පත් වී ඇති බවයි.

එහෙත් දහසකට අධික පිරිසක් මක්කමදී මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කළ හැකි බවයී සෞදි අරාබියේ මෘතශරීරාගාර වෙත ගිය නයිජීරියානු බලධාරීන් කියා සිටියේ.

දහසකගේ පමණ මෘත ශරීර දක්නට ඇති බවට හඳුනා ගත හැකි ඡායා රූප තමා දුටු බව තානාපති සේවයේ නියුතු විවිධ රටවලට අයත් බලධාරීහු පවසති.

සෞදි අරාබිය පවසන්නේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට හසු වී මිය ගිය පුද්ගලයන්ගේ සිරුරුවලට අමතරව වෙනත් හේතූන් මත මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු එම ඡායා රූප තුළ දකින්නට ඇති බවයි.