ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැමත් සැකිල්ලක් මිචිගන් ප්‍රාන්තයෙන් හමු වෙයි

ගොවිපොළක පොළොව හාරමින් සිටි ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ගොවීන් දෙදෙනෙකුට වුලී මැමත් සත්වයකුට අයත් ශරීර කොටස් හමු වී තිබේ.

මෙය ඇමරිකාවෙන් හමු වූ වඩාත් සම්පූර්ණ මැමත් සැකිලි අතුරින් එකක් බවයි විද්‍යාඥයන් සඳහන් කළේ.

Image copyright SPL
Image caption අවසාන අයිස් යුගයෙන් පසු මැමත් සතුන් මිහි මතින් තුරන් වී ඇතැයි සිතිය හැකි බවත් පර්යේෂකයෝ කියා සිටිති

වසර 11,700 සිට 15,000 දක්වා කාලයකට පෙර වුලී මැමත් සතුන් මිහි මත ජීවත්ව සිටි බවට සාධක හමු වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

අවසාන අයිස් යුගයෙන් පසු මැමත් සතුන් මිහි මතින් තුරන් වී ඇතැයි සිතිය හැකි බවත් පර්යේෂකයෝ කියා සිටිති.

(දර්ශන අනුග්‍රහය මිචිගන් විශ්වවිද්‍යාලය)