ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බල්ලන්ටත් බය වලස්සු

ගෙමිදුලකට ඇතුළු වූ වලසුන් දෙදෙනෙකු පසු පස එළවමින් පළවා හළ බුල් ඩෝග් වර්ගයේ නිර්භීත සුනඛයකු පිළිබඳ පුවතක් එක්සත් ජනපද කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

'ජෙවෙල්' නමැති බලු සුරතලා සිය හාම්පුතාගේ ගෙමිදුලට පැමිණි වලසුන් දෙදෙනාට එරෙහිව සටනට බැසීමත් සමඟ වලසුන් පසු නොබලා දුවන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.

මේ දිනවල පැතිර යන ලැව් ගිනි හේතුවෙන් සිය වාසස්ථාන විනාශ වීම හේතුවෙන් වලසුන් දෙදෙනා අහරක් සොයා එන්නට ඇතැයි සැළකෙයි.