ඇෆ්ගනිස්තානයට 5500 ඇමරිකානු හමුදාවක්

Image copyright AP

පන්දහස් පන්සීයක හමුදා කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ අනුයුක්ත කිරීමට තීරණය කළ බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

මේ බව නිවේදනය කළ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා පැවසුවේ තාලිබාන් සංවිධානයට ඇති එකම ගැලවීම ඇෆ්ගනිස්තාන රජය සමග බේරුම් කර ගැනීමේ එකඟතාවකට පැමිණීම බවයි.

Image copyright AFP
Image caption ඇෆ්ඝනිස්තානයේ ඇමරිකානු හමුදා

තාලිබාන් සංවිධානයට විරුද්ධව යුද වදින ඇෆ්ගනිස්තාන රජයේ හමුදා වලට ඇමරිකාවේ සහය ලබා දිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට පැවති සාකච්ඡා වලදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.