බෝල්කන් රටවල් සංක්‍රමණිකයන්ට දොරටු වසන ලකුණු

Image copyright Getty

දහස් ගණනින් යුරෝපය කරා ඇදෙන සංක්‍රමණිකයන්ගේ පිවිසුම් මාර්ග බවට පත්වී ඇති බෝල්කන් අග්නිදිග යුරෝපා කලාපයේ රටවල් සිය දේශ සීමා වසා දමන බවට අනතුරු අඟවයි.

සංක්‍රමණිකයන් සිය ගමනාන්තය ලෙස තෝරා ගෙන ඇති උතුරු යුරෝපා රටවල් සිය දේශ සීමා වැසීමට කටයුතු කළොත් රුමේනියාව සර්බියාව සහ සිය රට ද දේශ සීමා වසා දැමීමට කටයුතු කරන බවයි බල්ගේරියාව පවසන්නේ.

Image copyright AFP
Image caption සර්බියාව සහ ක්‍රොයේෂියාව අතර දේශ සීමාව

සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ රටවල් සහ බෝල්කන් කලාපයේ රටවල් අතර සාකච්ඡා පැවැත්වීමට පෙරාතුවයි බල්ගේරියාව විසින් මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබ තිබෙන්නේ.

මේ අතර සංක්‍රමණික ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොලැබුනොත් පමා වීමට පෙර සිය රට මේ සම්බන්ධයෙන් තනිවම යම් පියවරක් ගැනීමට කටයුතු කරන බව ස්ලෝවේනියා ජනාධිපතිවරයා පවසයි.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේ පසුගිය සතිය පුරා සෑම දිනකම නම දහසකට අධික සංක්‍රමණිකයන් පිරිසක් ග්‍රීසියට ඇතුළු වූ අතර එය මේ වසරේ වාර්තා වූ ඉහලම ප්‍රතිශතය බවයි.