කාන්තාවක් නේපාලයේ ජනාධිපති පදවියට

Image copyright AFP

නේපාලයේ නව ජනාධිපතිනිය ලෙස බිද්‍යා දේවි බන්දාරි එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගෙන තිබේ.

වසර හතකට පෙර නේපාලයේ රාජාණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ දෙවැන්නා ඇයයි.

නේපාලයේ ජනාධිපති ධුරය ගරු පදවියක් පමණි.

Image copyright keshab thokar
Image caption නේපාලයේ ජනාධිපති නිල නිවස

කොමියුනිස්ට් පක්ෂ නායිකාවක වන බිද්‍යා දේවි බන්දාරි, නේපාලයේ රාජ්‍ය නායක තනතුර හිමි කර ගත් පළමු කාන්තාව ද වෙයි.

දහ නව වැනි ශත වර්ෂයේදී නේපාලය රැජිනක් විසින් පාලනය කොට තිබේ.

මීට වසර 22 කට පෙර බිද්‍යා දේවි බන්දාරි ගේ ස්වාමි පුරුෂයා අභිරහස් ලෙස මෝටර් රථ අනතුරකින් මිය ගිය අතර එතැන් පටන් ඇය ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවාය.

වරක් රටේ ආරක්ෂක ඇමතිනිය ද වූ ඇය කියා සිටින්නේ තමා අවසන් මොහොත දක්වා කාන්තා ක්‍රියාකාරිනියක් ලෙසත් සමාජයේ කොන්වී සිටින ජනතාව වෙනුවෙනුත් දිගටම පෙනී සිටින බවයි.