ලාහෝරයේ කම්හලක් කඩා වැටෙයි

Image copyright AFP

පකිස්තානයේ ලාහෝර් නුවර කාර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් දාහත් දෙනකු පමණ මියගොස් තිබේ.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ කම්කරුවන් බේරා ගැනීම සඳහා මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කරමින් සිටියි.

Image copyright AFP

ඊයේ (බදාදා) දිනයේදී මෙම කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්වූ අතර අනතුරට බලපෑ හේතුව තවමත් අනාවරණය වී නැති නමුත් පකිස්තාන බලධාරීන් පවසන්නේ ගොඩනැගිල්ල ඉතා අඩු ප්‍රමිතියකින් ඉදි කෙරුණක් බවයි.

දොඹකර සහ බුල්ඩෝසර් යොදා ගනිමින් සිදු කෙරෙණ ගලවා ගැනීමේ මෙහෙයුම් පකිස්තාන හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු වෙමින් තිබේ.

Image copyright AFP

අනතුර සිදුවූ අවස්ථාවේ කම්හල තුල සේවකයන් දෙසීයක් පමණ සේවයේ යෙදෙමින් සිට ඇති අතර මේ වන විට පුද්ගලයන් අනූ අට දෙනකු පමණ සුන්බුන් අතරින් ඉවතට ගැනීමට හැකිවී ඇති බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් තවමත් සුන්බුන් අතර සිර වී සිටින ප්‍රමාණය කොපමණක් ද යන්න නිසැක වශයෙන් ම ප්‍රකාශ කළ නොහැකි බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරියෙකු බීබීසිය සමග ප්‍රකාශ කළේ.