මියන්මාර් මැතිවරණ සටන උණුසුම්

Image copyright Thurein Win BBC Chinese

ඉරිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉදිරියේ තිබියදී මියන්මාරයේ දේශපාලන පක්ෂ අවසන් මැතිවරණ රැළි පවත්වමින් ඇති බව වාර්තා වෙයි.

මෙය වසර විසිපහකට පසු 'වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමින්' පැවැත්වෙන පළමු මහ මැතිවරණයයි.

මියන්මාරයේ බලයේ සිටි මිලිටරි ජුන්ටාවෙන් 2011 වසරේ බලය පැවරුන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය (USDP) 'යන්ගුන්' නගරයේයි ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිය පවත්වන්නේ.

එම රැලියට අඩු තරමින් විසි දහසකවත් ජනකායක් සහභාගී වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

Image caption 2011 සිට මියන්මාරයේ ජනාධිපති ධුරය හොබවන තෙයින් සෙයින්

නොබෙල් සාම ත්‍යාගලාභී අවුං සාන් සුචි ගේ නායකත්වයෙන් තරඟ වදින විපක්ෂයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ඉරිදා පැවැත්වෙන මැතිවරණයෙන් ජය ගනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

මියන්මාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශිකයන් සිය පවුලේ සාමාජිකයන් වන කිසිවෙකුට ජනාධිපති ධුරයට පත් වීමට අවසර නොලැබෙයි.

Image copyright Thurein Win BBC Chinese

අවුං සාන් සුචිගේ සැමියා බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ අතර ඔවුන්ගේ පුතුන්ද බ්‍රිතාන්‍ය ජාතිකයන් වන බැවින් ඇයට මියන්මාරයේ ජනාධිපති ධුරයට පත්වීම අතින් ව්‍යවස්ථාමය බාධාවක් පවතී.

කෙසේ වෙතත් සිය පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවොත් තමන් ආණ්ඩුව මෙහෙයවීමට කටයුතු කරන බවයි ඇය අවධාරණයෙන් කියා සිටින්නේ.