මෝදි පරාජය පිළිගනී

Image copyright AFP

බිහාර් ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් වූ බව අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගනී.

තවමත් ඡන්ද ගණන් කිරීම අවසන් වී නැති නමුත් මේ වන විට මෝදිගේ ප්‍රතිවාදී පක්ෂය ආසන 125කින් ඉදිරියෙන් සිටින අතර මෝදිගේ පක්ෂයට ලැබී ඇත්තේ ආසන 79 ක් පමණි.

බිහාර් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඇති මුළු ආසන සංඛ්‍යාව 238 කි.

Image copyright AFP

භාරතීය ජනතා පක්ෂය තරඟ වැදුණේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ කොට ගත් සන්ධානයකට එරෙහිවයි.

පසුගිය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගත් නමුත් මෙම ප්‍රාන්ත මැතිවරණය සැලකෙන්නේ ඔහුගේ ආර්ථික වැඩසටහන පිළිබඳව කරන ලද ජනමත විචාරණයක් ලෙසින්.

Image copyright Reuters

ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි බිහාර් ප්‍රාන්තයේ මුළු ජනගහනය මිලියන සියයකි.

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත වන බිහාරය එරට දුප්පත්ම ප්‍රාන්තවලින් එකකි.