ඔස්ට්‍රේලියානු සරණාගත නීතියට එක්සත් ජාතීන්ගේ විවේචන

මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කෙරෙන එක්සත් ජාතීන්ගේ සභාවක දී ඔස්ට්‍රේලියාවේ සරණාගත නීතිය දැඩි විවේචනයට ලක් විය.

එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් ම කියා සිටියේ සරණාගතයන් රැගත් බෝට්ටු ආපසු හරවා යැවීම නතර කළ යුතු බවයි.

ක්‍රිස්මස් දූපත

Image copyright AP

එමෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් රඳවා තැබීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත කඳවුරු පවත්වා ගෙන යාමද නතර කළ යුතු බවයි මෙම රටවල් කියා සිටියේ.

මෙම විවේචන එල්ල වන්නේ ක්‍රිස්මස් දූපතේ පවත්වා ගෙන යන ඔස්ට්‍රේලියානු කඳවුරක සිටි සරණාගතයෙකු පලා යද්දී මරණයට පත් වීම වාර්තා වී තිබියදී යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර හතරකට වරක් සෑම රටකම මානව හිමිකම් වාර්තා පිළිබඳව විමර්ශනය කරයි.

Image copyright Getty

සමලිංගික විවාහය

එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යයට අමතරව ස්වීඩනය, නෝර්වේ, කැනඩාව, ෆීජි, ප්‍රංශය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රාජ්‍යයන් සියයකට අධික ප්‍රමාණයක් මෙහිදී ඔස්ට්‍රේලියානු සරණාගත නීතිය විවේචනයට ලක් කර ඇත.

මීට අමතරව සමලිංගික විවාහය තවමත් නීතිගත නොකිරීම පිළිබඳව ද ඔස්ට්‍රේලියාවට විවේචන එල්ල වී ඇති බව වාර්තා විය.